වරෙන් යන්න අපිත් එක්ක -නායකත්ව පුහුණු වැඩසටහන

PSX_20231020_150517.jpg
377997352_258681430410112_6731605949625570984_n.jpeg
PSX_20231022_170128.jpg
PSX_20231022_175322.jpg

විදුහල්පති පණිවිඩය

රන්දික ලක්මදුර හපුආරච්චි

                                                       සියවසකට ආසන්න ඉතිහාසයකින් යුතු ප්‍රදේශයේ දහස් ගණනක් දරු දැරියන්ගේ නැණ  නුවණ පුබුදුවාලූ අභිමානවත් හමන්ගල්ල විදුහල් මාතාවගේ නිල වෙබ් අඩවිය එළි දක්වන මොහොතේ විදුහල්පති ලෙස සුභාශිංෂන එක කරමින් පණිවිඩයක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යක් ලෙස සලකමි. හමන්ගල්ල මහා විදුහලට නායකත්වය ලබා දුන් ගෞරවනීය විදුහල්පතිවරුන්, ගුරු දෙමාපියවරුන්ද මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරමි.  විද්‍යාලීයට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නංවමින් දැනුම, කුසලතා,ආකල්ප වර්ධනය කර ගනිමින් නව ලෝකයට ගැලපෙන පරිදි මානව ගුණධර්ම වලින් සපිරි දරුවෙකු බිහි කිරීමේ ගමන් මගෙහි හමන්ගල්ල විදුමාතාවට අලුතින්ම එක් වන 'හමන්ගල්ල මහා විදුහල් වෙබ් අඩවිය' වත්මන් දරුවන්ගේ නිර්මාණශිලිත්වය සහ කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට තෝතැන්නක් වනු ඇතැයි  විශ්වාස කරමි.හුදෙක් එදිනෙදා තොරතුරුවලින් ඔබ්බට ගොස් අනාගත තාක්ෂණ ලෝකය හරහා ජීවිතය යහපත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය දැනුම උකහා ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායිද එම කාර්යය ඉටු කිරීමට හමන්ගල්ල විදුහල් වෙබ් කණ්ඩායමට හැකි වේවායිද ප්‍රාර්ථනා කරමි.

Mr. රන්දික ලක්මදුර හපුආරච්චි
විදුහල්පති
හමන්ගල්ල මහා විද්‍යාලය .