සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වයඹ පළාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් හමන්ගල්ල ග්‍රාමයෙහි මනරම් භුමි භාගයක පිහිටා ඇති ගිරි/ හමන්ගල්ල ද්විතික විදුහලෙහි ඉතිහාසය 1925 වර්ෂය තෙක් දිවයයි. කලින් කල මෙම ග්‍රාමයෙහි ජිවත් වූ පුරස්සිනා මිය (අක්කර 2.5), S.M. අප්පුහාමි මයා (අක්කර 3.5) හා ගාමිණි ජයසුරිය මයා (අක්කර 2) යන අය පාසල ඉදි කිරීම වෙනුවෙන් භූමිය පරිත්‍යාග කළ ය ලෙස සඳහන් වේ.
1925 වර්ෂයේදී අක්කර අටක වපසරියකින් යුතු භූමියක සිසුන් සිය දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කුඩා පොල් අතු පැලක මෙම පාසල ආරම්භ කරන ලදී. පාසලේ ආරම්භක විදුහල්පති වූයේ, 'එප්පාවල' මහතාය.
ඒ ඒ කාලවකවානුවල සේවය කරනු ලැබූ විදුහල්පතිවරුන් විසින් පාසලේ දියුණුව සදහා විවිධ කටයුතු සිදුකර ඇත. 1929.05.01- 1940.05.30 දක්වා කාලය තුල පාසලේ විදුහපති ලෙස කටයුතු කළ 'ආබ්‍රහම්' මහතාගේ සමයේ මුල්ම ගොඩනැගිල්ල ඉදිකරන ලදී. ඩේවිඩ් නාතගනේ මහතාගේ මූලිකත්වයෙන් පාසල් වත්ත පුරා කොස් පැල සිටුවීම සිදු කර ඇති බව සදහන් වේ. 1960 වර්ෂයේ පාසල මහා විද්‍යාලයක් බවට පත්වීම සිදු වී ඇති අතර එවකට විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත්තේ අබේවර්ධන මහතාය. එතුමාගේ කාලය තුල පාසලේ ක්‍රීඩා පිටිය සකස් කිරීම සිදුව ඇත. පාසලේ සිසු සිසුවියන්ගේ හා ගුරුවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පාසල් වත්තේ ළිඳ සකස් කිවීමට කටයුතු කර ඇත්තේ දිසානායක මහතාගේ සේවා කාලය තුළදීය. 1980-1990 දශකයේ ගමගේ මහතා සමයේදී පාසල පර්ෂද මුලස්තානයක් බවට පත් විය. එවිට පාසලේ සිසුන් 400 පමණ ඉගෙනුම ලැබූ අතර ගුරු භවතුන් 29ක් පමණ සේවය කර ඇත. ආරම්භයේ සිට පැමිණි ගමනේදී පාසලට විශාල ප්‍රගතියක් මෙම අවධියේදී සිදුවී ඇති අතර පාසලේ 1 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ අතර ඉගෙනුම් කටයුතු සඳහා ගොඩනැගිලි 6ක් ඉදිකර ඇත. මෙම යුගයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාග වලට පෙනී සිටිමින් විශ්ෂ්ට ලෙස සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති බව සඳහන් වේ. පාසලේ එළිමහන් රංග පීඨය ඉදි කිරීම, ශිල්ප කැදැල්ල ඉදි කිරීම, පාසලට පිවිසෙන මාර්ගය සකස් කිරීම හා බුදු මැදුරට පිටුපස ගල් බැම්ම සකස් කිරීම ආරියවර්ධන මහතා විදුහල්පති ධූරය දැරූ අවධියේ සිදු වී ඇත. J.S.L. ජයවීර මහත්මිය විසින් බුදු මැදුරේ වැඩ අවසන් කර විවෘත කිරීම සිදුකර ඇත.
1925 සිට පැවති ප්‍රාථමික අංශය ඉවත්කර 6-13 ශ්‍රේණි පමණක් ඇතුලත් වූ ද්වීතික පාසලක් බවට පත් කිරීම 2013 වසරේ සිදුවිය. එම යුගයේ විදුහල්පති වූයේ K.A.A.චන්ද්‍රසිරි මහතාය. මේ වන විට පාසලේ ළමුන් 350 ක් ඉගෙනුම ලැබූ අතර ගුරුවරු 25ක් පමණ සේවයේ නියුතුව සිට ඇත. 2013 වර්ෂය වන විට පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාව 09ක් දක්වා වර්ධනය විය.
R.M.S.P. ජයසිංහ මහතා 2020 වර්ෂයේ මාර්තු මස දක්වා මෙම විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත.
1C වර්ගයේ පාසලක් වන වත්මන් පාසලේ විදුහල්පති H.A.R.L.හපුආරච්චි මහතා පාසලේ උන්නතිය උදෙසා මහත් කැපවීමකින් කටයුතු කරමින් සිටියි.








