පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ වම් ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ වම් ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය..
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය. ගවුමේ උස ලෙස තීරණය වන්නේ දණ ගැසූ විට වැටිය බිම නොගෑවෙන ප්‍රමාණයයි.
- ගවුමේ ඉණ කඩඉණ දක්වා පමණක් දික්විය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කළු රිබන් පටි පමණක් භාවිත කල යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 1 1/2 ක පළලකින් යුක්ත විය යුතුය.
- ගවුමේ රැලි අගල් 1 1/2 විය යුතුය.
- ගවුමේ විවරය අඟල් 5 1/2කට වඩා දික් නොවිය යුතුය.
- විදුහලට අදාළ ටයි පටිය පමණක් පැළදිය යුතුය.
- ඇගිලිවල නියපොතු කොටට කපා තිබිය යුතුය. වර්ණ ගැල්වීමෙන් වැළකිය යුතුය.
- කොන්දට කොටට කැපීමට අවශ්‍ය අය විවිධ මෝස්‌තර අනුව කැපීම නොකළ යුතුය. පැත්තට පිර තිබිය යුතුය.










