වරෙන් යන්න අපිත් එක්ක -නායකත්ව පුහුණු වැඩසටහන

PSX_20231020_150517.jpg
377997352_258681430410112_6731605949625570984_n.jpeg
PSX_20231022_170128.jpg
PSX_20231022_175322.jpg

1925

එප්පාවල මහතා

1925 වර්ෂයේදී අක්කර අටක වපසරියකින් යුතු භූමියක සිසුන් සිය දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කුඩා පොල් අතු පැලක මෙම පාසල ආරම්භ කරන ලදී. පාසලේ ආරම්භක විදුහල්පති වූයේ, 'එප්පාවල' මහතාය.

1929.05.01- 1940.05.30

ආබ්‍රහම් මහතා

ආබ්‍රහම් මහතාගේ සමයේ මුල්ම ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

1960

අබේවර්ධන මහතා

1960 වර්ෂයේ පාසල මහා විද්‍යාලයක් බවට පත්වීම සිදු වී ඇති අතර එවකට විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත්තේ අබේවර්ධන මහතාය. එතුමාගේ කාලය තුල පාසලේ ක්‍රීඩා පිටිය සකස් කිරීම සිදුව ඇත

1998 - 2003

දිසානායක මහතා

පාසලේ සිසු සිසුවියන්ගේ හා ගුරුවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පාසල් වත්තේ ළිඳ සකස් කිවීමට කටයුතු කර ඇත්තේ දිසානායක මහතාගේ සේවා කාලය තුළදීය.

1980-1990

ගමගේ මහතා

1980-1990 දශකයේ ගමගේ මහතා සමයේදී පාසල පර්ෂද මුලස්තානයක් බවට පත් විය. එවිට පාසලේ සිසුන් 400 පමණ ඉගෙනුම ලැබූ අතර ගුරු භවතුන් 29ක් පමණ සේවය කර ඇත.

1998 - 2003

ආරියවර්ධන මහතා

පාසලේ එළිමහන් රංග පීඨය ඉදි  කිරීම, ශිල්ප කැදැල්ල ඉදි කිරීම, පාසලට පිවිසෙන මාර්ගය සකස් කිරීම හා බුදු මැදුරට පිටුපස ගල් බැම්ම සකස් කිරීම ආරියවර්ධන මහතා විදුහල්පති ධූරය දැරූ අවධියේ සිදු වී ඇත.

1998 - 2003

J.S.L. ජයවීර මහත්මිය

J.S.L. ජයවීර මහත්මිය විසින් බුදු මැදුරේ වැඩ අවසන් කර විවෘත කිරීම සිදුකර ඇත. 

2013

K.A.A.චන්ද්‍රසිරි  මහතා

1925 සිට පැවති ප්‍රාථමික අංශය ඉවත්කර 6-13 ශ්‍රේණි පමණක් ඇතුලත් වූ ද්වීතික පාසලක් බවට පත් කිරීම 2013 වසරේ සිදුවිය. එම යුගයේ විදුහල්පති වූයේ K.A.A.චන්ද්‍රසිරි  මහතාය.  මේ වන විට පාසලේ ළමුන් 350 ක් ඉගෙනුම ලැබූ අතර ගුරුවරු 25ක් පමණ සේවයේ නියුතුව සිට ඇත. 2013 වර්ෂය වන විට පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාව 09ක් දක්වා වර්ධනය විය. 

1998 - 2003

R.M.S.P. ජයසිංහ මහතා

R.M.S.P. ජයසිංහ මහතා 2020 වර්ෂයේ මාර්තු මස දක්වා මෙම විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත. 

2020 සිට

H.A.R.L.හපුආරච්චි මහතා

1C වර්ගයේ පාසලක් වන වත්මන් පාසලේ විදුහල්පති H.A.R.L.හපුආරච්චි මහතා පාසලේ උන්නතිය උදෙසා මහත් කැපවීමකින් කටයුතු කරමින් සිටියි.